News Line| Off Air
Generic placeholder image

Aug
8

මට හතුරුසිංහ සමග පුද්ගලික තරහක් නෑ – ඒත් ගිවිසුම ගැන ප‍්‍රශ්නයක් තියෙනවා – කී‍්‍රඩා ඇමති

679 Views


මට හතුරුසිංහ සමග පුද්ගලික තරහක් නෑ – ඒත් ගිවිසුම ගැන ප‍්‍රශ්නයක් තියෙනවා – කී‍්‍රඩා ඇමති

ක‍්‍රිකට් පුහුණුකාර ධූරය පිළිබදව මතුව ඇති අර්බුදය සම්බන්ධයෙන් හතුරුසිංහ මහතා සමග සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව ක‍්‍රීඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා පවසනවා.
අමාත්‍යවරයා මේ බව සදහන් කලේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.

හතුරුසිංහ මහතා පුහුණුකාර ධූරයට පත් කිරීමට අදාළ කොන්ත්‍රාත්තුව සම්බන්ධයෙන් ක‍්‍රීඩා අමාත්‍යවරයා එහිදී මෙලෙස පැහැදිලි කලා.

ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ දී ශ‍්‍රී ලංකාව මුලික වටයෙන් ඉවත් වීමත් සමග කණ්ඩායමේ පුහුණුකාර මණ්ඩලය ඉවත් කරන්නැයි ක‍්‍රීඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට දැනුම් දුන්නා.

එහෙත් චන්දික හතුරුසිංහ මහතාගේ කොන්ත‍්‍රාත් කාලය අවසන් වීමට නියමිතව ඇත්තේ 2020 වසරේ දෙසැම්බර් මාසයේ දීයි.

ඔහු කණ්ඩායමේ ප‍්‍රධාන පුුහුණුකාර ධූරයෙන් ඉවත් කරනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය විමර්ශනයක් ද ආරම්භ කර තිබෙනවා.

චෝදනා සම්බන්ධයෙන් දින 14 ක කාලයක් ඇතුළත කරුනු දක්වන්නැයි ක‍්‍රිකට් ආයතනය හතුරුසිංහ මහතාට දැනුම් දුන්නේ පසුගිය 06 වනදායි.

කණ්ඩායමේ තාවකාලික පුහුණුකරු ලෙස රොමේෂ් රත්නායක මහතා ඊයේ පත් කලා.

මේ අතර ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ මුල්‍ය තත්වය සම්බන්ධයෙන් විගණනකාධීපතිවරයා කරුණු 06 ක් ඔස්සේ සිදු කල වෝහාරික විගණනයට අදාල මුලික කෙටුම්පතක් ක‍්‍රීඩා අමාත්‍යවරයාට භාර දී තිබෙනවා.

එම කරුණු වලට අදාල පිළිතුරු දින 07 ක් තුළ ලබා දෙන්නැයි විගණකාධිපතිවරයා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට දැනුම් දී ඇති බවයි ක‍්‍රීඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා සදහන් කලේ.


News Articles
Latest Videos
Most Popular Post