හිටපු අමාත්‍ය විමල් වීරවංශට එරෙහිව අල්ලස් කොමිෂන් සභාව ගොනු කළ නඩුවක් ලබන 28වනදා කැදවීමට කොළඹ මහාධිකරණය අද නියෝග කර තිබෙනවා.
වසර 06ක කාලයක් තුළ සිය ආදායමෙන් උපයා ගත නොහැකි රුපියල් මිලියන 75ක් පමණ වටිනා මුදල් සහ දේපල අයථා ආකාරයට උපයාගෙන ඇති බවත් අල්ලස් හෝ දූෂණ දීමට කටයුතු කරන බවත් නීතිපතිවරයා අධිකරණයට දැනුම් දුන්නා.
ඒ අනුව නඩුවේ ඉදිරි කටයුතුවල ප‍්‍රගතිය සලකා බැලීමට මෙම නඩුව අගොස්තු මස 28වනදා කැදවීමට මහාධිකරණය නියෝග කළා.