සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම අතර පැවැත්වෙන තෙදින පුහුණු තරගය අද(08) කටුනායක ක්‍රිඩාංගණයේදී ආරම්භ වෙනවා.
ඒ අනුව අද තරඟයේ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායමේ නායකත්වය අෂාන් ප්‍රියන්ජන්ට හිමිව තිබෙන අතර නවසීලන්තය සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සඳහා ඇන්ජලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල් යළි කැඳවා තිබෙනවා.