News Line| Off Air
Generic placeholder image

Aug
8

සිය වසරකට වඩා ඉපැරිණි සංචාරක බංගලාවක් ගිනි ගනී

892 Views


සිය වසරකට වඩා ඉපැරිණි සංචාරක බංගලාවක් ගිනි ගනී

හැටන් නොර්වුඩ් ග්ලැන්කන් ප්‍රදේශයේ පිහිටි රාජ්‍ය බැංකුවක් සතු සංචාරක බංගලාවක් අද (08) පස්වරුවේ හටගත් ගින්නකින් විනාශ වි ඇති බව නොර්වුඩ් පොලිසිය ප්‍රකාශ කළා.

දික්ඔය මුලික රෝහල අසල සහ කාසල්රි ජලාශයට ඉහලින් පිහිටි මෙම සංචාරක බංගලාවේ උඩු මහලින් ගින්න හටගෙන පසු පහල මහල දක්වා පැතිර ආ බවයි පොලිසිය සඳහන් කළේ.

සංචාරක බංගලාව ගිනි ගන්නා අවස්ථාවේ එහි කිසිදු අයෙකු නොසිටි බවත් ගින්න සිඝ්‍රයෙන් පැතිර ගිය බවත් පැතිර යමින් පැවති ගින්න පාලනය කිරිම සදහා හැටන් – දික්ඔය නගර සභාවේ ගිනි නිවන ඒකකය, නොර්වුඩ් පොලිසිය සහ ප්‍රදේශවාසින් දැඩි උත්සහයක් දරා ගින්න පාලනය කිරිමට සමත්වූ බවත් නෝර්වුඩ් පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.

සුදු අධිරාජ්‍යවාදීන් විසින් එවකට ඉදි කරන ලද මෙම සංචාරක බංගලාව වසර 100 කට වඩා ඉපැරණි අතර එම සංචාරක බංගලාව වර්තමානයේ රාජ්‍ය බැංකුවක් සතු දේපලක් බව පැවසෙනවා.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වි නොමැති අතර ගින්නෙන් සිදුවු අලාභය ද මෙතෙක් තක්සේරු කර නොමැති බව සදහන්.


News Articles
Latest Videos
Most Popular Post