ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය විසින් අමෙරිකාව සඳහා සංචාරක අවදානම් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. පසුගිය දිනවල අමෙරිකාවේ ප්‍රාන්ත කිහිපයකින් වාර්තා වූ සමුහ වෙඩි තැබීම මාලාව පිළිබඳ අවධානය යොමු කරමින් මෙම නිවේදනය නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරනවා. අමෙරිකාවේ ටෙක්සාස් සහ ඔහියෝ යන ප්‍රදේශවල පසුගිය ඉරිදා සිදුවූ වෙඩි තැබීම් මාලාවකින් පුද්ගලයින් 30කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත් වුණා.
ඒ අනුව ලොව පුරා සංචාරකයින් අමෙරිකාවේ සංචාරය කිරීමේ දී සැලකිලිමත්වන වන ලෙස දැනුම් දෙන ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පවසන්නේ විශේෂයෙන් වැඩි වශයෙන් පුද්ගලයින් එක්රැස්වන ස්ථාන වල රැදී සිටීමෙන් වැළකී සිටින ලෙසයි.