News Line| Off Air
Generic placeholder image

Aug
9

තව්හිත් ජමාත් සංවිධානය සමග සමීප සම්බන්ධකමක් පැවැත්වූ ත්‍රස්තයින් 02 නෙක් ගැන පිලිපීනය අවධානයෙන්

460 Views


තව්හිත් ජමාත් සංවිධානය සමග සමීප සම්බන්ධකමක් පැවැත්වූ ත්‍රස්තයින් 02 නෙක් ගැන පිලිපීනය අවධානයෙන්

ශ්‍රී ලංකාවේ සිට පැමිණි ඉස්ලාමිය අන්තවාදීන් දෙදෙනෙක් පිලිපීනයට ඇතුල්වී ඇති බව එරට ආරක්ෂක අංශ වාර්තා කර ඇති අතර මෙම ත්‍රස්තවාදීන් දෙදෙනා බෝම්බ සෑදීම හා එරට කතෝලික දේවස්ථාන ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කිරීමට ත්‍රස්තයින් පුහුණු කිරීම සඳහා පිලිපීනයට පැමිණ ඇති බව සදහන්.

පිලිපීනයේ මැනිලා ගුවන් තොටුපලේ අධීක්ෂණ වාර්තාවන් උපුටා දක්වමින් මෙම ත්‍රස්තවාදීන් දෙදෙනා මාර්ක් කෙවින් සැම්හූන් සහ වික්ටෝරියා සොෆියා ස්ටෝ ඩොමින්ගෝ ලෙස හඳුනාගෙන තිබෙන අතර ඔවුන් දෙදෙනා මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනෙක් ලෙස ලැයිස්තුගත කර ඇති බව වාර්තා වනවා.

ඉකුත් අප්‍රේල් 21 වෙනිදා මෙරට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයන් දියත් කළ ජාතික තව්හිත් ජමාත් සංවිධානය සමග මාර්ක් කෙවින් සැම්හූන් සමීප සම්බන්ධකමක් පවත්වා ඇති බවට කරුණු අනාවරණය වී තිබෙනවා.

වික්ටෝරියා සොෆියා ස්ටෝ ඩොමින්ගෝ “කරාතේ කළු පටි” සටන්කාරියෙක් බවත් ඇය ළමුන් හා කාන්තාවන් බෝම්බ නිෂ්පාදනය කිරීම සඳහා පුහුණු කිරීමේ විශේෂඥවරියක් බවද පැවසෙනවා. එමෙන්ම ඇය සතුව පිලිපීන සහ ශ්‍රී ලංකාවේ විදේශ ගමන් බලපත්‍ර දෙකක් ද ඇති බවට තොරතුරු හෙළිවී තිබෙනවා.

ඉකුත් ජනවාරි මාසයේදී පිලිපීනයේ සුලු ප්‍රාන්තයේ කතෝලික දේවස්ථානයකට එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සඳහා සැලසුම් සකස් කර ඇත්තේ වික්ටෝරියා සොෆියා ස්ටෝ ඩොමින්ගෝ බවත් එම ප්‍රහාරයෙන් පුද්ගලයින් 23 දෙනෙක් ජිවිතක්ෂයට පත්ව තවත් 100 කට ආසන්න පිරිසක් තුවාල ලැබූ බව පිලිපීනයේ සාමය, හිංසනය සහ ත්‍රස්තවාදය පිළිබඳ පර්යේෂණ ආයතනයේ ප්‍රධානී රොමෙල් බන්ලාඕයි සඳහන් කළා.

ඉස්ලාමිය අන්තවාදී සටන්කාමින් සමග සම්බන්ධකම් පවත්වන පිලිපීන අන්තවාදීන් සමග මේ වන විටත් මාර්ක් කෙවින් සැම්හූන් සහ වික්ටෝරියා සොෆියා ස්ටෝ ඩොමින්ගෝ එක්ව ඇති බව සදහන්.

ඉස්ලාමිය අන්තවාදීන් විසින් පිලිපීනයේ ප්‍රධාන අගනුවර වන මැනිලා නුවර ඉලක්ක කර ගනිමින් ප්‍රහාර මාළාවක් දියත් කිරීමේ අවධානමක් මතුව තිබෙන බවයි එරට ආරක්ෂක අංශ සඳහන් කර ඇත්තේ.


News Articles
Latest Videos
Most Popular Post