News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
9

පාකිස්තානයේ හිටපු අගමැතිගේ දියණිය අත් අඩංගුවට

609 Views


පාකිස්තානයේ හිටපු අගමැතිගේ දියණිය අත් අඩංගුවට

පාකිස්තානයේ හිටපු අගමැති නවාස් ෂරීෆ්ගේ දියණිය මරියම් නවාස් දුෂණ චෝදනා මත අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඇය පාකිස්තාන විපක්ෂ දේශපාලන නායිකාවක් වනවා. ඒ අනුව එරට විපක්ෂය නියෝජනය කරන ඉහළ පෙළේ දේශපාලනඥයෙකු අත්අඩංගුවට පත් වූ ආසන්නතම අවස්ථාවද මෙය වෙනවා.

මේ වන විට දුෂණ චෝදනා හේතුවෙන් හිටපු අගමැති නවාස් ෂරීෆ්ද සිර දඩුවමකට බන්ධනාගාර ගත කර සිටිනවා. ඒ අනුව ඔහු රඳවා සිටින ලාහෝර් නුවර පිහිටි බන්ධනාගාරය වෙත ගිය අවස්ථාවේදී මරියම් නවාස් ඇයත් සමග සිටි ඥාතී සොහොයුරා ද සමග මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.පවුලට අයත් සීනි කම්හලක් හා සම්බන්ධ නඩු විභාගයක් හේතුවෙන් ඇය මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් වාර්තා වැඩි දුරටත් සදහන් කරනවා.කෙසේ වෙතත් නවාස් පවුල දශක තුනක් තිස්සේ එරට දේශපාලනයට සැළකිය යුතු බලපෑමක් කිරීම හේතුවෙන් ඔවුන් දේශපාලන පළිගැනීම්වල ගොදුරක් බවට පත්ව ඇති බවට එරට දේශපාලඥයින් සදහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post