“කළණ මිතුරු – පොත් සුමිතුරු” වැඩසටහනේ පළමු අදියරේ සිසු ඇගයීම් ලබන සැප්තැම්බර් මාසයේදී සිදුකරන බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළා. පාසල් සිසුන් අතර කියවීම ප්‍රචලිත කිරීමේ අරමුණ ඇතිව මෙම වැඩසටහන ආරම්භ කර තිබෙනවා.
මේ සඳහා සහභාගී වන පාසල් සිසුන් කියවා රසවිඳින පොත් සම්බන්ධයෙන් සාහිත්‍යමය විචාර වාර්තා ද සකස් කළ යුතු වනවා.
විශිෂ්ඨතම විචාර වාර්තා සපයන පාසල් සිසුන්ට ප්ලැටිනම්, රන් හා රිදී පදක්කම් පිරිනැමීමට නියමිතයි.
සිසුන් 100 දෙනෙකුට චීන සංචාරයක් ද පිරිනැමෙනවා.