මොරටුවේ දී මාධ්‍යවෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා සදහන් කලේ එක්සත් ජාතික පක්ෂය තුළ සෑම විටම ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන බවත් එය ස්‌ථාපිත කිරීමට ක්‍රමවේදයක් ඇති බවයි. ඒ අනුව මෙවරත් ජනපතිවරණය සදහා පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන අතර ඒ එක්සත් ජාතික පක්ෂයෙන් පමණක් බවත් සදහන් කල එතුමා අපේක්ෂකයාව තෝරාපත්කර ගැනීම සිදුවන්නේ පක්ෂයේ කෘත්‍යාධිකරණ මණ්ඩලය හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු එක්ව බවත් ළඟදීම එජාප අපේක්ෂකයා බහුතර ඡන්දයෙන් තෝරා ගන්නා බවත් ඒ මහතා වැඩි දුරටත් සදහන් කළා.