News Line| Off Air
Generic placeholder image

Aug
9

මධුෂ් වෙනුවෙන් අධිකරණය වෙත ඇප අයදුම්පතක්

660 Views


මධුෂ් වෙනුවෙන් අධිකරණය වෙත ඇප අයදුම්පතක්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව මත රඳවා තබාගෙන සිටින පාතාල නායක මාකඳුරේ මධුෂ් ඇප මත නිදහස් කරන ලෙස ඉල්ලමින් මධුෂ්ගේ නීතීඥයා විසින් ඇප අයැදුම්පතක් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

ඊයේ මෙම ඇප ඉල්ලීම කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා වෙත ඉදිරිපත් කර ඇති බව සදහන්.

තම සේවාදායකයා වෙනුවෙන් ඝාතන කුමන්ත්‍රණ චෝදනාව මත ලබාගෙන තිබූ රැඳවුම් නියෝගය ද අගෝස්තු 03 වනදායින් අවසන් වී ඇති අතර එය මේ දක්වා දීර්ඝ කිරීමට ද කටයුතු කර නොමැති බවද එහිදී නීතීඥවරයා අධිකරණයට දන්වා තිබෙනවා.

මේ සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අගෝස්තු 21 වනදා අධිකරණය හමුවට කැඳවීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.


News Articles
Latest Videos
Most Popular Post