වර්ෂා සහිත කාලගුණය තවදුරටත් වර්ධනය වුවහොත් වසංගත රෝග බෝවීමේ අවධානමක් පවතින බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.
එහි වැඩ බලන අධ්‍යක්ෂ වෛද්‍ය සමිත ගිණිගේ මහතා සදහන් කළේ පාචනය වැනි රෝග ඇති වීමේ අවධානමක් පවතින බවයි.
ජල මුලාශ‍්‍ර අපවිත‍්‍රවීමෙන් මේ තත්වය වර්ධනය විය හැකි බවයි වෛද්‍යවරයා සදහන් කළේ. මේ හේතුවෙන් බීමට ගන්නා ජලය උණුකර පානය කරන ලෙසද දන්වා සිටිනවා.
වර්ෂාව සහිත කාළගුණය හේතුවෙන් පලා වර්ග ආහාරයට ගැනීමේ දී විශේෂ අවධානයකින් පසු විය යුතුයි.
වර්ෂාවත් සමග මැසි උවදුරද වර්ධනය විය හැකි බැවින් ආහාර සෑම විටම ආවරණය කර තබන ලෙස සෞඛ්‍ය අංශ දැනුම් දෙනවා.
මේ අතර මේ වසරේ ගත වු කාල සීමාව තුළ ඩෙංගු රෝගය හේතුවෙන් පුද්ගලයින් 54 දෙනෙකු මියගොස් තිබෙනවා.
හදුනාගෙන ඇති ඩෙංගු රෝගීන් ගණන 36 දහස් 497 ක් .
වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ කොළඹ දිස්ත‍්‍රිකක්යෙන්.
වැසි සහිත තාලගුණයත් සමග ඩෙංගු රෝගය වසංගත තත්වයක් දක්වා වර්ධනය වියහැකි බැවින් මදුරුවන් බෝ වන පරිශ‍්‍ර විනාශ කිරීමට පියවර ගන්නා ලෙස ජාතික ඩෙංගු මර්දන ඒකකය සදහන් කලා.