News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
10

ඉංග‍්‍රීසි භාෂා ගුරුවන්ගේ ඉංග‍්‍රීසි භාෂා කුසලතාව පරීක්ෂා කිරීමේ වැඩපිළිවලක්

694 Views


ඉංග‍්‍රීසි භාෂා ගුරුවන්ගේ ඉංග‍්‍රීසි භාෂා කුසලතාව පරීක්ෂා කිරීමේ වැඩපිළිවලක්

රජයේ පාසල් වල ඉංග‍්‍රීසි භාෂා ගුරුවන්ගේ ඉංග‍්‍රීසි භාෂා කුසලතාව පරීක්ෂා කිරීමේ වැඩපිළිවලක් ආරම්භ කර තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කලේ අන්තර්ජාලය ඔස්සේ මෙම වැඩපිළිවෙල ක‍්‍රියාත්මක බවයි.

දිවයිනේ පළාත් නවයම ආවරණය වන පරිදි තෝරාගත් ඉංග‍්‍රීසි ගුරුවරුන් 500ක් ඒ සදහා තෝරා ගෙන තිබෙනවා.

මේ හරහා ලබාගන්නා ඇගයීම් වාර්තා අනුව ගුරුවරුන්ගේ අවම ප‍්‍රවීණතා මට්ටමක් සොයා බැලීමට නියමිතයි.

අවම ප‍්‍රවීණතා මට්ටම ඉක්මවන ගුරුවරුන් සඳහා දිරි දීමනාවක් ලබාදීමට පියවර ගන්නා බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කලේ.


News Articles
Latest Videos
Most Popular Post