News Line| Off Air
Generic placeholder image

Aug
10

ඉතිහාසයේ සිදුවූ දැවැන්තම මානව සංහාරවලින් එකක් වන නාගසාකි සංහාරයට වසර 74යි

916 Views


ඉතිහාසයේ සිදුවූ දැවැන්තම මානව සංහාරවලින් එකක් වන නාගසාකි සංහාරයට වසර 74යි

ජපානයේ නාගසාකි නගරය වෙත න්‍යෂ්ටික බෝම්බ ‍හෙලීමේ 74වැනි සංවත්සරය ඊයේ (09) දිනට යෙදී තිබුණා.ජපාන අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඒ වෙනුවෙන් උත්සවය පැවැත්වුණා.

පුද්ගලයින් 70 000කට ආසන්න පිරිසකට මරණය කැඳවූ නාගසාකි න්‍යෂ්ටික බෝම්බ ප්‍රහාරය එල්ල වී වසර 74ක් වන අතර ඒ වෙනුවෙන් නාගසාකි සාම ස්මාරකය සමීපයේ පැවැති අනුස්මරණ උත්සවයක් සදහා සිය ගණනක් වූ පිරිසක් එක්ව තිබෙනවා.

උත්සවය ජපාන අගමැති ෂින්සෝ අබේගේ සහභාගීත්වයෙන් පැවැති අතර එහිදී ඔහු පැවසුවේ න්‍යෂ්ටික අවි සදාකාලිකව තුරන්කිරීම සදහා කැපවී කටයුතු කරන බවයි.

න්‍යෂ්ටික අවි තහනම් කිරීමේ ගිවිසුමකට එළඹීම සදහා ජපානය කැපවිය යුතු බව මේ අතරතුර සිය මතය ප්‍රකාශ කළ නාගසාකි නගරාධිපති තමිනිසා ටාවූ ද සඳහන් කළ අතර එමඟින් ආධ්‍යාත්මික සාමයක් පවත්වාගැනීමට හැකි බව ඔහු පැවසුවා.

රාත්තල් 10 000ක් බරින් යුත් ප්ලූටෝනියම් බෝම්බයක් ජපානයේ නාගසාකි නගරය වෙත හෙලීමට අමෙරිකාව කටයුතු කළේ 1945 වසරේ අගෝස්තු මස 09 වැනිදායි. ඒ හිරෝෂිමා න්‍යෂ්ටික බෝම්බ හෙළීමෙන් තෙදිනකින් අනතුරුවයි.

එය පොළොවේ සිට මීටර් 500ක් ගුවනේදී පුපුරා ගිය අතර ඉන් එක් ක්ෂණයකින් පුද්ගලයින් 27 000ක් මිය ගියා.

වසර අවසානය වන විට එය 70 000 ක් ලෙස ඉහළ ගිය අතර මානව ඉතිහාසයේ සිදුවූ දැවැන්තම මානව සංහාරවලින් එකක් ලෙස මෙය සැලකෙනවා.

ඉන් අනතුරුව දෙවැනි ලෝක සංග්‍රාමයේ සිය භුමිකාව අවසන් කරමින් ජපානය අවි අත්හැර කොන්දේසි විරහිතව තමන් යටත් වන බව ප්‍රකාශ කළා.


News Articles
Latest Videos
Most Popular Post