News Line| Off Air
Generic placeholder image

Aug
10

කාලගුණයෙන් අනතුරු ඇගවීමක්

975 Views


කාලගුණයෙන් අනතුරු ඇගවීමක්

දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදීත් තවදුරටත් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු පවසනවා.

උතුරු, උතුරුමැද, බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය සහ මාතලේ දිස්ත්‍රික්කවලත් සුළඟේ වේගය පැ.කි.මී. (50-55) දක්වා ක්ෂණිකව ඉහළ යාමේ හැකියාවක් පවතින බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු විසින් නිවේදනයක් නිකුත් කළා.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිඋ විය හැකි අතර මන්නාරම, යාපනය සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු සඳහන් කළා.

බස්නාහිර, මධ්‍යම,වයඹ සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100ක පමණ තරමක් තද වර්ෂාපතනයන් අපේක්ෂා කළ හැකි බව එම දෙපාර්තමේන්තු ප්‍රකාශ කළා.

ගිඟුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇතිවිය හැකි අතර අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු ජනතාවගෙන් කාරුණික ඉල්ලීමක් කළා.


News Articles
Latest Videos
Most Popular Post