News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
10

දළදා මාළිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහැර අද රාත‍්‍රියේ

803 Views


දළදා මාළිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහැර අද රාත‍්‍රියේ

මහනුවර ශ‍්‍රී දළදා මාළිගාවේ 2019 ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහැර අද රාත‍්‍රියේ වීථි සංචාරය කිරීමට නියමිතයි. රාත‍්‍රී 7.32 ට යෙදෙන සුබ මොහොතින් පෙරහැර වීදි සංචාරය කිරීමට නියමිත බව මහනුවර ශ‍්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේ ප‍්‍රදීප් නිලංග දෑල කියා සිටියා.

පෙරහැර නැරඹීමට පැමිණෙන සැදැහැවතුන්ගේ දැඩි ආරක්‍ෂක වැඩපිළිවෙළක් ක්‍රියත්මක වන බවද දියවඩන නිලමේවරයා කරුණු දැක්වූවා.

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර එළඹෙන 14 වනදා රාත‍්‍රියේ වීථි සංචාරය කිරීමට නියමිත අතර පසුදා අළුයම ඓතිහාසික ගැටඹේ තොටුපොළේ දී දිය කැපීමේ චාරිත‍්‍රයෙන් අනතුරුව 2019 මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය නිමාවට පත් වනවා.


News Articles
Latest Videos
Most Popular Post