News Line| Off Air
Generic placeholder image

Aug
10

නවසීලන්ත, ශී‍්‍ර ලංකා ක්‍රිකට් පුහුණු තරගයේ අවසන් දිනය අදයි

3786 Views


නවසීලන්ත, ශී‍්‍ර ලංකා ක්‍රිකට් පුහුණු තරගයේ අවසන් දිනය අදයි

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපතිවරයාගේ කණ්ඩායම අතර පැවැත්වෙන තුන් දින කි‍්‍රකට් තරගයේ අවසන් දිනය අදයි.

තරගයේ දෙවන දිනය වූ ඊයේ දිනයේ තරගය පැවැත්වීමට වර්ෂාවෙන් බාධා එල්ල වී තිබුණා.

මෙම තරගයේ පළමුව පන්දුවට පහර දෙන ශී‍්‍ර ලංකා පිල කඩුළු 6 ක් දැවී රැස්කර ගෙන සිටි ලකුණු සංඛ්‍යාව 323 ක්. ධනුෂ්ක ගුණතිලක ලකුණු 98 ක් සහ සදීර සමරවික‍්‍රම ලකුණු 80 ක් රැස් කිරීමට සමත් වුණා. අශාන් පි‍්‍රයන්ජන් නොදැවී ලකුණු 56 ක් රැස්කරගත්තා.

පන්දු යැවීමේදී අජාස් පටෙල් ලකුණු 41 කට කඩුළු 5 ක් දවා ගත්තා. තරගය කටුනායක නිදහස් වෙළද කලාප කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post