News Line| Off Air
Generic placeholder image

Aug
11

ජනපති දිවයිනට පැමිණෙයි

555 Views


ජනපති දිවයිනට පැමිණෙයි

කාම්බෝජයේ රාජ්‍යයේ නිල සංචාරයක නිරත වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යළි දිවයිනට පැමිණ තිබෙනවා. අද අලුයම 12.55ට පමණ ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස දිවයිනට ළඟා වු බවයි වාර්තා වන්නේ.කාම්බෝජය සහ ශ්‍රී ලංකාව අතර සබදතා වැඩිදියුණු කරගැනීමේ අරමුණින් එරට රජතුමාගේ විශේෂ ආරාධනයකට අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගිය 07 වන දින කාම්බෝජය බලා පිටත්ව ගිය අතර ශ්‍රී ලාංකික ජනාධිපතිවරයෙකු කාම්බෝජයේ රාජ්‍ය සංචාරයක නිරත වූ පළමු අවස්ථාව මෙය ලෙසයි සැලකෙන්නේ.

ඒ අනුව මෙම සංචාරය තුළ දී ජනාධිපතිවරයා කාම්බෝජියා රජු මෙන්ම කාම්බෝජියා අග්‍රාමාත්‍ය හුන්සෙන් මහතා ඇතුලු එරට රජයේ ඉහළ පෙළේ නියෝජිතයින් සමග ද ද්වී පාර්වශික සාකච්ඡා පවත්වනු ලැබුවා.


News Articles
Latest Videos
Most Popular Post