News Line| Off Air
Generic placeholder image

Aug
11

දිවයිනේ පළාත් කිහිපයකට තද වැසි සහ සුළං

555 Views


දිවයිනේ පළාත් කිහිපයකට තද වැසි සහ සුළං

දිවයිනේ නිරිත දිග කොටසේ වැසි සහ සුළං තත්ත්වය ඉහල යෑමේ හැකියාවක් පවතින බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.එමෙන්ම බස්නාහිර,සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය සහ මාතලේ දිස්ත්‍රික්කවලත් සුළඟේ වේගය පැ.කි.මී. (60-65) දක්වා ක්ෂණිකව ඉහලයාමේ හැකියාවක් පවතින අතර බස්නාහිර, මධ්‍යම,වයඹ සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 100ක පමණ තරමක් තද වර්ෂාපතනයන් අපේක්ෂා කල හැකි බව එම දෙපාර්තුමේන්තුව සදහන් කරනවා.

ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇතිවිය හැකි බවත් අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් එම දෙපාර්තුමේන්තුව ඉල්ලා සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post