මාලඹේ, පිට්ටුගල ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ප්‍රකාශ කලේ අද (11) දිනයේ දැල්වෙන රතිඤ්ඤා හඬින් දිනන්නේ කුමන ජනපති අපේක්ෂකයාද යන්න තීරණය කළ හැකි බවයි. එසේම ජනපති අපේක්ෂකයාගේ නම කියනකොටම මේ රටේම මිනිස්සු එය සැමරීමට බලාපොරොත්තු වෙන් සිටින බව ඒ මහතා වැඩි දුරටත් සදහන් කළා.
එමෙන්ම ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප‍්‍රථම ජාතික මහා සම්මේලනය අද (11 දා) පස්වරු 3.00 ට කොළඹ සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගණයේදී හිටපු ජනාධිපති විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සුදානම් බව වාර්තා වෙනවා.