News Line| Off Air
Generic placeholder image

Aug
12

අමෙරිකාවේ ළමා සුරැකුම් මධ්‍යස්ථානයක ඇති වූ ගින්නකින් ළමුන් 05 ක් මරුට

950 Views


අමෙරිකාවේ ළමා සුරැකුම් මධ්‍යස්ථානයක ඇති වූ ගින්නකින් ළමුන් 05 ක් මරුට

අමෙරිකාවේ පෙන්සිල්වේනියා නුවර පිහිටි ළමා සුරැකුම් මධ්‍යස්ථානයක ගින්නක් හට ගෙන තිබෙනවා.

මෙම සිද්ධියෙන් ළමා සුරැකුම් මධ්‍යස්ථානයේ සිටි ළමුන් 05 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් වාර්තා කළා. මියගිය ළමුන් මාස 08 සිට අවුරුදු 7 දක්වා වූ වයස් කාණ්ඩවල පසුවන්නන් බව සඳහන්.

එක් දරුවෙකු ළමා සුරැකුම් මධ්‍යස්ථානයේ හිමිකරුගේ බවද සදහන් වන අතර දිවි බේරා ගැනීම සඳහා ඉහළ මාලයෙන් පිටතට පැනීමට උත්සහ කළ ළමුන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බව වාර්තා වනවා. ගින්නෙන් ළමා සුරැකුම් මධ්‍යස්ථානයට ද දැඩි හානි සිදුව ඇති බව වාර්තා වනවා.


News Articles
Latest Videos
Most Popular Post