News Line| Off Air
Generic placeholder image

Aug
12

කෝටි එකහමාරක් වටිනා කොකේන් සමග ඉන්දීය කතක් අල්ලයි

539 Views


කෝටි එකහමාරක් වටිනා කොකේන් සමග ඉන්දීය කතක් අල්ලයි

රුපියල් එක්කෝටි අසූහත් ලක්ෂ පනස් දහසක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් නීති විරෝධි ලෙස ශ්‍රී ලංකාවට ගුවන් මගින් ගෙන ආ ඉන්දීය ජාතික 37 හැවිරිදි කාන්තාවක් ඊයේ (11දා) දහවල් කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේදි රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා ප්‍රකාශ කළා.

ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණි ඉන්ඩිගෝ ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණි ඇය කොකේන් මත්ද්‍රව්‍ය තොගය පොලිතින් බෑග් කීපයක අසුරා ඇති බව සදහන්.

ඒවා ඇය විසින් ගෙනැවිත් තිබූ ගමන් මලු කීපයක, පතුල්වල අලවාගෙන තිබියදී රේගු නිලධාරින් විසින් සොයාගෙන අත්අඩංගුවට ගෙන ඇති අතර එහි කිලෝග්‍රෑම් 01යි ග්‍රෑම් 250ක් බර කොකේන් මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් තිබූ බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post