ඊයේ පැවති ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජාතික මහා සමුළුවෙදී ප්‍රකාශයට පත් වුණු පොහොට්ටුවේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ පොහොට්ටුවේ නියෝජිතයන් අද (12) අනුරාධපුරයට පැමිණීමට නියමිතව තිබෙන බව වාර්තා වෙනවා.
ඒ අනුව අද රාත්‍රි 7.00ට රුවන්වැලිමහා සෑය අභියස පැවැත්වෙන ආශීර්වාද පුජාවකට මහින්ද රාජපක්ෂ මහතා, ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයින් එක්වන්නට නියමිත අතර අනතුරුව හෙට (13) උදෑසන මෙම පිරිස ජය ශ්‍රි මහා බෝ සමිඳුන් වැඳපුදාගෙන ආශිර්වාද ලබා ගැනීමට නියමිත බව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයින් සදහන් කළා.
එමෙන්ම මේ අතර ඊයේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජාතික මහා සමුළුව අවසන් වීමෙන් අනතුරුව මහින්ද රාජපක්ෂ මහතා සහ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු නියෝජිතයින් කැළණිය රජ මහා විහාරස්ථානය වෙත ගොස් ආශිර්වාද ලබා ගත්තා.