News Line| Off Air
Generic placeholder image

Aug
12

බන්ධනාගාරයේදී උපත ලැබූ සුරූපී තාරකාව ජීවිතය ජය ගත්තෙ මෙහෙමයි

665 Views


බන්ධනාගාරයේදී උපත ලැබූ සුරූපී තාරකාව ජීවිතය ජය ගත්තෙ මෙහෙමයි

EIGHTON MEESTER කියන්නේ හරිම අපුරු චරිතයක්. බිංදුවේ ඉඳන් පටන් අරගෙන, තම ජීවිතය හරි අපුරු විදිහට සාර්ථකත්වය වෙත මෙහෙයවූ උදාරතර කාන්තා චරිතයක් තමයි ඇය. දෙමව්පියන්ගේ දිළිඳු බව, වැරදි තමන්ගේ අසාර්ථකත්වයට හේතු වුනු බව පැමිණිලි කරන සමහර පුද්ගලයන්ට ඇගේ චරිත කතාව ගොඩක් ආදර්ශමත් කතාවක් වනවා.

Leighton Meester  උපත ලබන්නේ බන්ධනාගාරයේදී. ඒකට හේතුව තමයි ඇගේ මව ඒ වන විටත් බන්ධනාගාරගතව සිටීම.

මරිජුවානා පවුම් 1200ක් ජැමෙයිකාවේ සිට ඇමරිකාවට ගෙන එන්නට දරන උත්සාහයකදී ඇගේ මව, පියා, සීයා සහ නැන්දා අත්අඩංගුවට පත් වෙනවා.

Leighton ගේ නැන්දණිය බන්ධනාගාරයෙන් පැන යන්නට සමත් වෙනවා. ඇයව දුටු තැන ඇල්ලීමට නියෝග පැනවුවත් ඇයව නැවත හමු වන්නේ නැහැ.

Leighton ගේ උපත සඳහා මවට රෝහල් ගත වන්නට අවසර ලැබෙනවා. නමුත් දරු ප්‍රසුතියෙන් අනතුරුව ඇයව නැවත බන්ධනාගාරයට යැවෙනවා.

කුඩා බිලිඳිය හදා වඩා ගැනීමේ වගකීම පැවරෙන්නේ ඇගේ මිත්තනිය හටයි.

අවසානයේදී ඇගේ මව් පිය යුවල දික්කසාද වෙනවා.

කුඩා කාලයේ අමිහිරි සිදුවීම් ඇය ඇගේ ජිවිතයට අදාළ කර ගන්නේ නැහැ. ඒ වගේම ඇය ඇගේ දෙමව්පියන්ව කවදාවත් විවේචනය කලෙත් නැහැ.

වරෙක ඇය හරි අපුරු කතාවක් කියනවා.

“ඒ සිදුවීම් මට වටිනා යමක් ඉගැන්නුවා. ඒ තමයි අපි කිසිම කෙනෙක්ව විවේචනය කරන්න උත්සාහ කරන එක වැරදියි. විශේෂයෙන්ම කවදාවත් තමන්ගේ දෙමව්පියන්ව විවේචනය කරන්න යන්න එපා. යමෙකු අතීතයේදී කල කි දේවල් මත රඳා පැවතිලා ඔවුන්ව විවේචනය කරන්න එපා. මොකද මිනිස්සු වෙනස් වෙනවා. තමන්ගේ වැරදි හදා ගන්නවා.”

ඉතින් ඇය හොඳින් අධ්‍යාපනය ලබලා තාරකාවක් බවට පත් වෙනවා වෙනවා. ඇය ගීත රචිකාවියක්, ගායිකාවක්, නිරූපිකාවක් සහ නිලියක් ලෙස ඉමහත් ප්‍රසිද්ධියට පත් වෙනවා. ඇය දායකත්වය ලබා දී ඇති චිත්‍රපට, ටෙලි නාට්‍ය බහුතරයක් තිබෙනවා.

උදා :

  • The Orville (2019)
  • Single Parents (2018)
  • The Last Man on Earth (2018)
  • Unity (2015)
  • By the Gun (2014)
  • The Judge (2014)

 

උපුටා ගැනීම – මුහුණු පොතෙන්


News Articles
Latest Videos
Most Popular Post