ශ්‍රී ලංකා ක්‍රිකට් පිළේ ප්‍රධාන පුහුණුකරු තනතුරෙන් ඉවත් වන ලෙස දැනුම් දී ඇති චන්දික හතුරුසිංහ යළි තම කණ්ඩායමේ පුහුණුකරු ලෙස බදවා ගැනීම පිළිබදව බංග්ලාදේශයේ අවධානය යොමුව තිබෙනවා. බංග්ලාදේශ පුහුණුකරු තනතුර සඳහා තවත් ප්‍රධාන පෙළේ පුහුණුකරුවන් 4 දෙනෙකුට ඇරයුම් කර තිබූ අතර, දැන් එය හතුරුසිංහ සහ තවත් එක් පුහුණුකරුවෙකු අතර තරඟයක් බවට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
හතුරුසිංහට අභියෝගයක් විය හැකි අනෙක් පුහුණුකරු වන්නේ නවසීලන්ත පිළේ හිටපු පුහුණුකරු මයික් හෙසන්.ග්‍රාන්ට් ෆ්ලවර්, පෝල් ෆාබ්‍රේස් පුහුණුකරුවන් සමඟ එකඟතාවකට පැමිණීමට බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයට නොහැකි වී තිබෙනවා.
එමෙන්ම බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ වත්මන් සභාපතිවරයා සහ අධ්‍යක්ෂවරුන් කිහිප දෙනෙකු ද හතුරුසිංහ පුහුණුකරු ලෙස නැවත යොදවා ගැනීමට කැමැත්තෙන් පසුවන බව සඳහන්.