හොංකොං ජාත්‍යයන්තර ගුවන්තොටුපල ඉදිරිපිට රාජ්‍ය විරෝධී විරෝධතාවයක් සිදුවන බැවින් හොංකොං ජාත්‍යයන්තර ගුවන් තොටුපලින් පිටත්ව යන සියලු ගුවන් ගමන් අවලංගු කර තිබෙනවා.
විරෝධතාකරුවන් අඛණ්ඩව විරෝධතාවය සිදුකරන අතර පොලිසිය විසින් මෙය මැඩපැවැත්වීම සදහා එල්ල කරන කදුලු ගෑස් වලින් මිදීම සදහා මෙම විරෝධතාකරුවන් ඇස් වලට වෙලුම් පටි පැළද සිටින බව සදහන්.
හොංකොං ගුවන් තොටුපල අධිකාරිය කියා සිටියේ තවමත් පරීක්‍ෂා කර නොමැති සියලුම ගුවන් ගමන් අවලංගු කරන බවයි.
පුදගලයින් දහස් ගණනක් රැස් වන හොංකොං ගුවන් තොටුපල ලොව කාර්යබහුලම ස්ථානයක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
දහස් ගණනක් එක්රැස් වෙන මෙම ගුවන්තොටුපල ලොව කාර්යබහුලම ස්ථානයක් වනවා.