ජවිපෙ ඉදිරිපත් කරන ජනපති අපේක්ෂකයා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා අදහස් දක්වමින් ප්‍රකාශ කලේ ජනපති අපේක්ෂකයා තේරීම ජාතික ජන බල වේගය නියෝජනය කරන කණ්ඩායම් සමග සාකච්ඡා කර තීරණය කරන බවත් අපේක්ෂකයා කවුරුන්ද යන්න දැනට කීමට නොහැකි වුවත්, මේ මස 18 වැනිදා ගාලු මුවදොර පිටියේ පැවැත්වෙන ජාතික ජනබලවේගය මංගල රැලියේදී එය ප්‍රකාශයට පත් කරන බවද ඒ මහතා වැඩි දුරටත් සදහන් කළා.
කෙසේවෙතත් ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කරන ජනපති අපේක්ෂකයා කිසිදු උසාවියක නඩු නොමැති සේම වරදකරුවෙකුද වී නොමැති බවත්, ඔහු මූල්‍ය විනය, පරිපාලන විනය හා නායකත්ව පරිණතභාවය සහිත රට හදන්නට හැකි ප්‍රතිපත්තියක් සහිත පුද්ගලයෙකු වන බවට ඒ මහතා ඉගියක් ප්‍රකාශ කළා.