News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
13

දිවයිනට තද වැසි හා සුළං

662 Views


දිවයිනට තද වැසි හා සුළං

දිවයිනේ පුරා වැසි සහ සුළං තත්වයේ තරමක වැඩි වීමක් බලාපොරොත්තු වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.ඒ අනුව දිවයිනේ ඇතැම් ප්‍රදේශවල සුළඟේ වේගය පැ.කි.මී. 70 දක්වාද, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල සුළඟේ වේගය පැ.කි.මී. (50-60) දක්වාද, වැඩි විය හැකි බව වාර්තා වෙනවා.

එමෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථාන වලට විශේෂයෙන්ම සබරගමුව සහ මධ්‍යම පළාත්වල මි.මී.100 වැඩි තද වර්ෂාපතනයන්ද ඇති විය හැකි බව එම දෙපාර්තුමේන්තුව නිකුත් කල නිවේදනයේ සදහන්.

ගිඟරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර අකුණු මඟින් සිදුවන අනතුරු අවමකර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post