News Line| Off Air
Generic placeholder image

Aug
13

පාකිස්තානයේ ක්‍රිකට් ගහනවද? නැද්ද? අවසන් තීන්දුවට තව සති 02යි

672 Views


පාකිස්තානයේ ක්‍රිකට් ගහනවද? නැද්ද? අවසන් තීන්දුවට තව සති 02යි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානයේ ටෙස්ට් තරගාවලියක් ක්‍රීඩා කිරීම සම්බන්ධයෙන් අවසන් තීන්දුව තවත් සති 02ක් ඇතුළත ලබා ගැනීමට නියමිත බව වාර්තා වෙනවා. මෙහිදී පාකිස්තානයේ සංචාරය කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා ඇතුළු පිරිස සකසන ලද වාර්තාව මීළඟ විධායක කමිටු රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිතය.

ලබන ඔක්තෝබර් මස තරගාවලිය පැවැත්වීමට දින නියම කරගෙන ඇති නිසා පාකිස්තානු සංචාරයේ ආරක්ෂාව සම්බන්ධයෙන් වන වාර්තාව කඩිනමින් අවසන් කර විධායක කමිටුවට ඉදිරිපත් කල යුතු බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා පවසනවා. කෙසේ වෙතත් තරගාවලියේ ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ බුද්ධි අංශ වාර්තාවක් පාකිස්තානයෙන් ලබා ගැනීමේ සුදානමක්ද පවතින බව සදහන් වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post