News Line| Off Air
Generic placeholder image

Aug
13

ශ්‍රී ලංකා – රුසියානු හමුදාවන් අතර විශේෂ හමුදා පුහුණු වැඩසටහනක්

1220 Views


ශ්‍රී ලංකා – රුසියානු හමුදාවන් අතර විශේෂ හමුදා පුහුණු වැඩසටහනක්

රුසියාව සහ ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවන් අතර පවත්නා මිත්‍රශීලි සම්බන්ධතාවය වැඩිදියුණු කරමින් සන්නද්ධ හමුදාවන් වෙත විශේෂ පුහුණු වැඩසටහන් ආරම්භ කිරීමට කැමැත්ත පළ කර තිබෙනවා.

යුධ හමුදාධිපති මහේෂ් සේනානායක මහතා පසුගිය 03 වනදා සිට 05 වනදා දක්වා රුසියාව තුල තෙදින සංචාරයක නිරත වුණා.

ශ්‍රී ලංකා – රුසියානු හමුදාවන් අතර පවත්නා ද්වීපාර්ශ්වික හමුදාමය සහයෝගීතාවය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් රුසියානු ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකා ආරක්‍ෂක අමාත්‍යාංශය වෙත කරනු ලැබූ ආරාධනාවකට අනුව එතුමා මෙලෙස සංචාරයක නිරත වූ බව සදහන්.

යුධ හමුදාධිපතිතුමන් සහ රුසියානු පාබල හමුදාවන්හි ප්‍රධාන අණදෙන නිලධාරි ඔලෙග් ලියොනිඩොවිච් සාලියුකොව් අතර පැවති මෙම සුහද හමුවේදී, එළඹෙන 2020 වර්ෂය වෙනුවෙන් ශ්‍රී ලංකා හමුදා භටයින් 70 දෙනෙකු පුහුණු කරවීම සඳහා අවස්ථාව ලබාදීමට රුසියාව විසින් එකඟතාවය පලකර තිබෙනවා.

ඒ අනුව ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙත නව සන්ධිස්ථානයක් විවෘත කරමින් වැඩි ශ්‍රී ලාංකීය ත්‍රිවිධ හමුදා සාමාජිකයින් පිරිසකට රුසියාවේ කීර්තිමත් යුද්ධ හමුදා ඇකඩමියේ පුහුණුව ලැබීම වෙනුවෙන් අවස්ථාව හිමිවනු ඇති.


News Articles
Latest Videos
Most Popular Post