පළමු දිනයේදී ඔබට කෙසෙල් හැර අන් ඕනෑම පලතුරු වර්ගයක්, ඕනෑම ප්‍රමාණයකින් ආහාරයට ගත හැකියි. දිනය පුරාම ඔබ ගත යුත්තේ පලතුරු වර්ග පමණයි. ඒ සමඟම වතුර වීදුරු 8-10 අතර ප්‍රමාණයක් ද පානය කළ යුතුයි. වැඩියෙන් පැණි කොමඩු හා ඇපල් ආහාරයට ගැනීම මෙහෙදී ඉතාම ප්‍රයෝජනවත් වන බවත් කිව යුතුයි.
දෙවන දිනයේදී පලතුරු වෙනුවට ඔබ ආහාරයට ගත යුත්තේ එළවලු වර්ග පමණයි. පිසින ලද හෝ අමුවෙන් සකස් කරගත් එළවලු ආහාරයට ගත හැකියි. ඒ අතරට තම්බන ලද අර්තාපල් බටර් සමඟ මුසු කර ආහාරයට එකතු කරගත හැකියි. එමඟින් ඔබේ සිරුරට අවශ්‍ය ශක්තිය මෙන්ම පෝෂණ සංඝටකද නොඅඩුව ලබා ගත හැකියි.
දැන් ඔබට කෙසෙල් හා අර්තාපල් හැර අනෙක් ඕනෑම එළවළුවක් හෝ පලතුරු වර්ගයක් ආහාරයට ගත හැකියි. එලවරු හා පලතුරු යන දෙවර්ගයම සම සමව ආහාරයට ගත යුතුයි.
මෙතෙක් ආහාරයට නොගත් කෙසෙල් ආහාරයට ගැනීම සිව්වන දිනයේදී කළ යුතුයි. ඒ සමගම කිරි පානය කිරීමද අනිවාර්යයයි. පෙර දිනවලදී ඔබට නොලැබුණ පොටෑසියම් සහ සෝඩියම් මෙමගින් ඔබට ලබා ගත හැකියි.
පස්වන දිනයේදී හරක් මස්, කුකුල් මස් වැනි මස් වර්ගයක් තමයි ආහාරයට ගත යුත්තේ. ඒ ආහාර වේල්වලට තක්කාලි ද හැකිතරම් එක්කර ගත යුතුයි. යකඩ සහ ප්‍රෝටීන සිරුරට අවශෝෂණය වීම මෙහිදී සිදුවනවා.
මස් ආහාරයට ගන්නා අතරම තක්කාලි වෙනුවට වෙනත් ඔබ කැමති ඕනෑම එළවලු වර්ග කිහිපයක් ආහාරයට ගැනීම සය වන දිනයේදී කළ යුතුයි. ඔබ කැමති ඕනෑම ප්‍රමාණයක් ආහාරයට ගත හැකියි. ප්‍රථම දිනය හා සසඳා බැලීමේදී සය වන දිනය වන විට ඔබේ සිරුරේ කැපී පෙනෙන වෙනසක් සිදුවී ඇති ඔබ ඔබට දැකගත හැකියි.
අවසන් දිනයේදී බත්, එළවලු ඇතුළු ඔබ කැමති ආහාරයක් ගැනීම කළ හැකියි. නමුත් ඒ අතරට පලතුරු යුෂද එක් කර ගැනීම අනිවාර්යයෙන් කළ යුතුයි.
ඔබ ඉහත සඳහන් ආකාරයට ආහාර පාලනය කිරීම සිදු කලේ නම් ඉතා සාර්ථක ප්‍රතිපල ලැබීම සහතිකයි. මේ සෑම දිනයකදීම ජලය අවශ්‍ය තරම් පානය කළ යුතු අතර තේ, කෝපි, සෝඩා වැනි පානයන් ද ඒ අතරට එක් කර ගත හැකියි.
ආහාර පාලනය කිරීමට පෙර ඔබ ගත් සුපුරුදු ආහාර වේලට එළවලු, පලතුරු වැඩිපුර එක්කර ගන්නා අතරම දිනකට අවම විනාඩි 10ක්වත් ශාරීරික ව්‍යායාම සිදු කළ යුතුයි.
මුල් දින තුනේදී මස් පිඩුවල දුබලතාව, දැඩි පිපාසය සහ සුළු හිසරද තත්වයක් ඇති විය හැකියි. ඒ මෙම ආහාර පාලන සැලැස්ම සිරුරට හුරු වීමට යම් කාලයක් ගත වන නිසා. එදිනෙදා වැඩ කටයුතු ඒ ආකාරයෙන්ම කිරීම මගින් සහ වැඩිපුර ජලය පානය කිරීමෙන් මෙම තත්වයන් මග හරවා ගත හැකියි.
ඔබ දියවැඩියාව වැනි රෝගාබාධ වලින් පෙළෙන්නේ නම් මෙම ආහාර පාලන සැලසුම අනුගමනය කිරීමට පෙර වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුයි.