සිරිකඳුයාය ප්‍රදේශයේ අනවසරයෙන් පතල් කැපීම සහ අඹන්ගඟ හාරා විනාශ කරමින් සිටි 13 දෙනෙකුගෙන් යුත් පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත. වසර ගණනාවක සිට සිරිකඳුයාය 503 ප්‍රදේශයේ මෙම මහා පරිමාණ අනවසර පතල් කැපීම සහ අඹන්ගඟ හාරා විනාශ කිරීම ආදී ක්‍රියාකාරකම් සිදුවන බව පොලීසිය කියයි. ජාතික පතල් හා මැණික් කාර්යාංශයට පොලිසියට පොලිස් විශේෂ කාර්ය බලකායට මෙම තොරතුරු වසර ගණනාවක සිට ලැබී තිබුණත් වැටලීම් කණ්ඩායම් එම ස්ථානයට ගමන් කරන විට මෙම කණ්ඩායම් දැනුවත්ව පලායෑම සිදුවෙමින් පැවති බව සඳහන්.
පොලිසියට ලැබුණු තොරතුරක් මත වෙස් වලාගත් පොලිස් කණ්ඩායම් කිහිපයක් සිරිකඳුයාය ප්‍රදේශයෙන් ගඟ දෙපස වටලා මෙම සැකකරුවන් 13දෙනා අල්ලා ගැනීමට හැකිව තිබේ.මැණික් ගැරීම සඳහා භාවිතා කරනු ලැබූ උදලු කුඩ යකඩ ඉනි ආදී උපකරණ රැසක් ද පොලිස් භාරයට ගෙන ඇත.
බකමූණ පොලිසිය තවදුරටත් සඳහන් කළේ අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (14) පොලිස් ඇප මත මුදා හැරීමට පියවර ගන්නා බවත් පසුව ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවත්ය