මුදල් ඇමතිවරයා විසින් 2020 වසර සඳහා අයවැය ලේඛනයක් ඉදිරිපත් නොකර පළමු කාර්තුවේ රජයේ වියදම් පියවා ගැනීම සඳහා පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
මෙම වසර අගදී ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව තිබීම සහ ලබන වසරේදී තවත් මැතිවරණ කිහිපයක් පැවැත්වීමට නියමිතව තිබීම ඊට හේතුවයි.