News Line| Off Air
Generic placeholder image

Aug
14

ගෝඨාභය රාජපක්ෂ මහතාට මල්වතු-අස්ගිරි මහා නාහිමිවරුන්ගේ ආශිර්වාද

2567 Views


ගෝඨාභය රාජපක්ෂ මහතාට මල්වතු-අස්ගිරි මහා නාහිමිවරුන්ගේ ආශිර්වාද

මල්වතු – අස්ගිරි මහා නාහිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබා ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිස අද පැමිණ ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා මෙන්ම පක්ෂයේ නියෝජිතයින් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී ඇත.
ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පිරිස අද උදෑසන පළමුව මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා සමිඳුන් වැදපුදා ගැනීමෙන් අනතුරුව මල්වතු මහා විහාරය වෙත ගොස් මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමි බැහැ දැක ආශිර්වාද ලබාගෙන තිබේ.
ඉන් පසු ඔවුන් අස්ගිරි මහා විහාරය වෙත ගොස් එම පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමි බැහැ දැක ආශිර්වාද ලබාගෙන ඇත.


News Articles
Latest Videos
Most Popular Post