News Line| Off Air
Generic placeholder image

Aug
14

දිවයිනේ පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් වැඩිවීමක්

589 Views


දිවයිනේ පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් වැඩිවීමක්

අද දිනයේ දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

රත්නපුර , කිරිඇල්ල යන ප්‍රදේශයන් වලින් ගත වූ පැය 24ක කාලය තුළ වැඩිම වර්ෂාපතනය වාර්තා වනවා.එය මිලිමීටර් 194.5ක්. ගිලිමලේ ප්‍රදේශයට මිලිමීටර් 157.5ක සහ කළුතර – මොරපිටිය ප්‍රදේශයට මිලිමීටර් 140ක වර්ෂාපතනයක් ඇද හැලී තිබෙනවා.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරන පරිදි බස්නාහිර, දකුණු, සබරගමුව, උතුරුමැද, වයඹ, උතුර සහ මධ්‍යම පළාත්වලත් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේත් සුළගේ වේගය පැයට කිලෝමීර් 60 දක්වා ක්ෂණිකව ඉහළ යා හැකි අතර පොතුවිල් සිට හම්බන්තොට, කොළඹ, පුත්තලම සහ කන්කසන්තුරේ හරහා ත්‍රිකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශවල සුලගේ වේගය පැයට කිලෝමීටර් 80 දක්වා ඉහළ යා හැකි බවයි.

බස්නාහිර, දකුණු, සබරගමුව, උතුරුමැද, වයඹ, උතුර සහ මධ්‍යම පළාත්වලත් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේත් සුළගේ වේගය පැයට කිලෝමීර් 60 දක්වා ක්ෂණිකව ඉහළ යා හැකි අතර පොතුවිල් සිට හම්බන්තොට, කොළඹ, පුත්තලම සහ කන්කසන්තුරේ හරහා ත්‍රිකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශවල සුලගේ වේගය පැයට කිලෝමීටර් 80 දක්වා ඉහළ යා හැකි බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ. මුහුද රළු විය හැකි බැවින් එම ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවල යෙදීම අනතුරුදායක බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබෙනවා.

එසේම රත්නපුර , නුවරඑළිය, කෑගල්ල යන දිස්ත්‍රික්කවල නායයෑමේ අවදානමක් සහිත ප්‍රදේශවලට අද පස්වරුවේ නිකුත් කළ නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදනයක් තවදුරටත් ක්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ප්‍රකාශ කර ඇත.එමෙන්ම, නුවරඑළිය, රත්නපුර සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවල නායයෑමේ අවදානමක් සහිත ප්‍රදේශවලට අද පස්වරුවේ නිකුත් කළ නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදනයක් තවදුරටත් ක්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ප්‍රකාශ කළා.


News Articles
Latest Videos
Most Popular Post