නිිකිනි පුරපසලොස්වක පොහෝ දිනය අදයි.
ශාසන ඉතිහාසයේ වැදගත් සිදු වීම් රැසක් හේතුවෙන් ලෝකවාසී බෞද්ධ ජනතාවට නිිකිනි පොහොය වැදගත් වනවා.
බුද්ධ පරිනිර්වාණයෙන් මාස 3 කට පසු අජාසත්ත රජතුමාගේ දායකත්වයෙන් දඹදිව රජගහ නුවර දී සප්තපන්නී ලෙනේ දී ප‍්‍රථම මහා සංඝායනාව පැවැත්වුයේ නිිකිනි පුරපසලොස්වක පොහෝ දිනයකදීයි.
ආනන්ද හිමියන් අරහත් පලයට පත් වුයේ ද අද වන් පොහෝ දිනයකදී බව ශාසන ඉතිහාසයේ සදහන්.
ඇසල පොහෝ දිනයේ දී වස් විසීමට නොහැකි වු භික්ෂූන් වහන්සේට පසුවස් සමාදන් වීමට මෙම පොහෝ දිනයේ දී අවස්ථාව ලබා දී තිබෙනවා.
නිකිණි පුරපසලොස්වක පොහෝ දිනය වෙනුවෙන් අද දිවයින පුරා වෙහෙර විහාරස්ථාන වල දාන, ශීල, භාවනාදී පින්කම් පැවැත්වෙනවා.
එමෙන්ම මහනුවර ශී‍්‍ර දළදා මාලිගාවේ අවසන් රන්දෝලි පෙරහැර අද රාති‍්‍රයේ වීථි සංචාරය කිරීමට නියමිතයි.