අද(14) මීගමුව දුම්රිය ස්ථානයේ සිට ධාවනය කරවීමට කටයුතු යොදා ඇති විශේෂ දුම්රිය, මඩු මාතා දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය වෙනුවෙන් යොදා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.අද උදෑසන 07.30 ට මීගමුව දුම්රිය ස්ථානයෙන් පිටත්වන දුම්රිය කුරණ, කටුනායක, සීදුව, ජා – ඇල, රාගම, ගම්පහ, වේයන්ගොඩ සහ කුරුණෑගල දුම්රිය ස්ථානවල නවත්වනු අතර එම දුම්රිය පස්වරු 03.00 ට පමණ මඩුපාර දුම්රිය ස්ථානයට ළඟා වීමට නියමිතයි.
ලබන 15 වනදා සවස 04.30 ට මඩුපාර දුම්රිය ස්ථානයෙන් පිටත්වන එම දුම්රිය මධ්‍යම රාත්‍රී 12.30 ට මීගමුව දුම්රිය ස්ථානයට ආපසු පැමිණීමට නියමිත බවද දුම්රිය දෙපාර්තමේන්තුව තවදුරටත් සඳහන් කළේය.