News Line| Off Air
Generic placeholder image

Aug
14

ශ්‍රී ලංකාවට එරෙහි පළමු ටෙස්ට් තරඟයේ කාසියේ වාසිය නවසීලන්තයට

649 Views


ශ්‍රී ලංකාවට එරෙහි පළමු ටෙස්ට් තරඟයේ කාසියේ වාසිය නවසීලන්තයට

ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩා පිටියේ දී පැවෙත්වෙන ශ්‍රී ලංකාවට එරෙහි පළමු ටෙස්ට් තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දෙන නවසලීන්ත කණ්ඩායම මේ වන විට කඩුලූ 03ක් දැවී ලකුනු 129 ක් ලබා සිටිනවා. කාසියේ වාසිය දිනු නවසීලන්ත නායක කේන් විලියම්සන් ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කලා. නමුත් කේන් විලියම්සන් ලකුනු ලබා ගැනීමට පෙර දැවී ගියා. පළමු කඩුල්ල ලෙස ටොම් ලැතම් දැවී ගියේ ලකුනු 30 ක් ලබා සිටියදීයි.
අද (14) තරඟය සදහා සහභාගී වන දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමට ලහිරු තිරිමාන්න, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, කුසල් ජනිත් පෙරේරා, ධනංජය ද සිල්වා, නිරෝෂන් දික්වැල්ල, සුරංග ලක්මාල්, අකිල ධනංජය, ලසිත් ඇඹුල්දෙණිය සහ ලහිරු කුමාර ඇතුලත්.
කෙසේවෙතත් 15 දෙනාගෙන් සමන්විත සංචිතයට නම් කර තිබූ දිනේෂ් චන්දිමාල් අද තරඟයට කැදවා නැත.
ටෙස්ට් තරඟාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රිඩකයින්ගේ ඇඳුමේ වෙනසක් ලෙස ක්‍රීඩකයින්ගේ කමිසයේ පිටුපස අංකයක් ප්‍රදර්ශනය කරන බව ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් සදහන් කරා.


News Articles
Latest Videos
Most Popular Post