News Line| Off Air
Generic placeholder image

Aug
15

ආනයනය කරන කිරිපිටි ගැන නවතම අනාවරණයක් මෙන්න

669 Views


ආනයනය කරන  කිරිපිටි ගැන නවතම අනාවරණයක් මෙන්න

ආනයනික කිරිපිටිවල සත්ත්ව තෙල් අඩංගු නොමැති බවට ජර්මනියේදී සිදු කරන ලද පරික්ෂණයකින් තහවුරු වී තිබෙන බව වාර්තා වී තිබේනවා. මෙම පරීක්ෂණ සදහා වෙළඳපොලෙන් ලබාගත් කිරිපිටි සාම්පල යොදා ගෙන තිබෙනවා.

පසුගිය දිනක බුද්ධික පතිරණ මහතා මෙරටට ආනයනය කරන අලද කිරිපිටිවල සත්ත්ව තෙල් අඩංගු බවට සිදු කල ප‍්‍රකාශය ඉකුත් සමයේ සමාජයේ දැඩි කතාබහට ලක් වුණා. අනතුරුව මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ද පාර්ලිමේන්තුවේදී අදහස් පළ කළ අතර ඒ අනුව මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන ලෙස කථානායක කරූ ජයසූරිය මහතා කළ දැනුම් දීමක් මත වෙළඳපොලෙන් ලබාගත් කිරිපිටි සාම්පල මෙලෙස පරීක්ෂණයකට යොමු කෙරුණා.


News Articles
Latest Videos
Most Popular Post