News Line| Off Air
Generic placeholder image

Aug
15

එජාපෙ ජනාධිපති අපේකෂකයාත් පෙරමුණත් නම් කිරීම ප්‍රමාද වන ලකුණු?

686 Views


එජාපෙ ජනාධිපති අපේකෂකයාත් පෙරමුණත් නම් කිරීම ප්‍රමාද වන ලකුණු?

එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂකයා නම් කිරීම සහ එජාපය ප්‍රමුඛ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ ස්ථාපිත කිරීමේ කටයුතු තවදුරටත් ප්‍රමාදවන බවට දේශපාලන ආරංචි මාර්ග සදහන් කරනවා.එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය සඳහා රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස සහ කරු ජයසූරිය යන මහත්වරුන්ගේ නම් ප්‍රමුඛව ඉදිරිපත්වී ඇති අතර එජාපය තුළ පවතින අභ්‍යන්තර අර්බුද හමුවේ මේ තිදෙනාටම සහය පල කරන පිරිස් පක්ෂය තුල සිටීම හේතුවෙන් නිශ්චිතව එක් අයෙකුගේ නමක් ඉදිරිපත් කිරීම අපහසු වී ඇති බව වාර්තා වෙනවා.

එමෙන්ම එජාප ජනාධිපතවරණ අපේක්ෂකයා නම් නොකර පෙරමුණ සන්ධානගතවීම සුදුසු නොවන බවට එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට හිතවත් පිරිසක් ගෙනයන මතය නිසා පෙරමුණ ස්ථාපිත කිරීමේ දිනය කල් දමා තිබෙනවා.ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ පිහිටුවීම මේ මස අවසන් වීමට ප්‍රථම සිදුකරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවද, එම සන්ධානය පිහිටුවීමේ දිනය පිළිබඳව ස්ථිරව සඳහන් කිරීමට ඒ අනුව නොහැකිව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post