News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
15

කුරුලු රංචුවක ගැටී 23 කට තුවාල

1934 Views


කුරුලු රංචුවක ගැටී 23 කට තුවාල

කුරුලූ රංචුවවක ගැටීම හේතුවෙන් රුසියානු ගුවන්යානයක සිටි මගීන් 23දෙනකු තුවාල ලබා තිබෙනවා.

අනතුර සිදු වන විට අදාළ ගුවන් යානය පියාසර කරමින් තිබුනේ රුසියාවේ මොස්කව් නුවර සිට ක‍්‍රිමියාව වෙතයි.

යානය ගුවන්ගතවී සුළු මොහොතකින් මුහුදු ලිහිණියන් රංචුවක් යානයේ වැදී තිබෙනවා.

එහිදී යානයේ එන්ජිම ක‍්‍රියා විරහිත වී ඇති අතර ගුවන් නියමුවා විසින් යානය ගොඩ බස්වා තිබුනේ ඉරිඟු වගා භූමියකටයි.

මගීන්ගේ ජීවිත බේරාගැනීමට හැකිවීම ප‍්‍රාතිහාර්යක් බව ගුවන් නියමුවා සදහන් කලා.


News Articles
Latest Videos
Most Popular Post