News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
15

චීනයේ ගුවන් ගමන් 700 ක් අවලංගු කෙරේ

764 Views


චීනයේ ගුවන් ගමන් 700 ක් අවලංගු කෙරේ

ක්‍රෝසා සුළි කුණාටුව හේතුවෙන් චීනයේ ගුවන් ගමන් 700ක් අවලංගු කර තිබෙනවා.

චීනයේ ෂිකෝකු ප‍්‍රදේශයට බලපා ඇති මෙම කුණාටු තත්වය හේතුවෙන් පුද්ගලයින් ලක්ෂ 4කට අධික පිරිසක් ප‍්‍රදේශයෙන් ඉවත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ.

ක්‍රෝසා සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයින් 18 දෙනෙකු අතුරුදන් ව තිබෙනවා.

ප‍්‍රදේශයේ සිරවී සිටන පුද්ගලයින් සොයා අඛණ්ඩව මෙහෙයුම් ක‍්‍රියාත්මකයි.

පසුගිය සතිය තුළ චීනයට බලපෑ ලෙකීමා සුළි කුණාටු තත්වය හේතුවෙන් පුද්ගලයින් 28 දෙනෙකු මිය ගියා.

ආපදා තත්වයන් හේතුවෙන් රටේ සංචාරක ව්‍යාපාරයද මන්දගාමී වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ.


News Articles
Latest Videos
Most Popular Post