News Line| Off Air
Generic placeholder image

Aug
15

ජනපතිවරණය ගැන ශ්‍රීලනිපයේ තීරණය සැප්තැම්බර් 03 වැනිදා

577 Views


ජනපතිවරණය ගැන ශ්‍රීලනිපයේ තීරණය සැප්තැම්බර් 03 වැනිදා

අද පෙරවරුවේ ආරම්භ වූ මාධ්‍ය හමුවකට එක් වෙමින් පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කලේ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ ස්ථාවරය සැප්තැම්බර් 03 වැනිදා ප‍්‍රකාශයට පත් කරන බවයි. එසේම ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ සමග සන්ධාන ගතවීමට ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය කැමැත්තෙන් පසුවන බවත් එසේ සන්ධානගතවීමේදී පක්‍ෂයේ අනන්‍යතාව අනිවාර්යයෙන්ම ආරක්‍ෂා විය යුතු බවද ඒ මහතා වැඩි දුරටත් සදහන් කළා.

එමෙන්ම ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ සමග තවදුරටත් සාකච්ඡා කිරීමට අපේක්‍ෂා කරන බවත් කෙසේවෙතත් එම සාකච්ඡා නිදහස් පක්‍ෂයේ සම්මේලනයට පෙර අවසන් විය යුතු තිබෙන බවද ඒ මහතා ප්‍රකාශ කළා.


News Articles
Latest Videos
Most Popular Post