News Line| Off Air
Generic placeholder image

Aug
15

දරුවන් සියයට 63 කගේ දත් දිරලා

762 Views


දරුවන් සියයට 63 කගේ දත් දිරලා

මෙරට අවුරුදු පහක් වයසැති දරුවන්ගෙන් 63%කගේ දත් දිරා ඇති බව ජාතික මුඛ සෞඛ්‍ය සමීක්‍ෂණයේදී අනාවරණය වී තිබෙනවා.

එම සමීක්‍ෂණයේ දත්තවලට අනුව අවු.5, අවු.12 සහ අවු.15 වශයෙන් ළමයින් කාණ්ඩ 03කට බෙදා වෙන් කළ බව සදහන්.

වයස අවුරුදු දොළහේ පසුවන දරුවන්ගෙන් 30%කගේත් වයස අවුරුදු 15 පසුවන දරුවන්ගෙන් 40%කගේත් දත් දිරා ඇති බව වාර්තා වනවා.

කිරි දත්වලට සිදුවන හානි එම දරුවන්ගේ ස්ථිර දත්වල තත්ත්වය කෙරෙහි ඍජු බලපෑමක් එල්ල කරන අතර දත් දිරා යාමට ප්‍රධානතම හේතු ලෙස වැරදි ආහාර පුරුදු සහ දත් මැදීමේ වැරදි පුරුදු බව දන්ත වෛද්‍යවරු පවසනවා.


News Articles
Latest Videos
Most Popular Post