News Line| Off Air
Generic placeholder image

Aug
15

මහනුවර ඇසළ පෙරහැර සාර්ථකව නිමාවට පත් වෙයි

809 Views


මහනුවර ඇසළ පෙරහැර සාර්ථකව නිමාවට පත් වෙයි

මෙවර මහනුවර ඇසළ පෙරහැර මංගල්‍ය සාර්ථකව අවසන් කළ බව දැක්වෙන පෙරහැර සංදේශය අද පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට භාර දීමට නියමිතව ඇති බව වාර්තා වෙනවා. ඒඅනුව ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ප්‍රමුඛ සතර මහා දේවාලවල බස්නායක නිලමේතුමන් විසින් ජනාධිපති මන්දිරයට ගොස් ජනාධිපතිවරයා වෙත සංදේශය භාරදීමෙන් අනතුරුව මෙවර ඇසල පෙරහැර මංගල්‍ය නිල වශයෙන් නිමාවට පත් වෙන බව සදහන් වේ.

මෙවර මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ 05 වන රන්දෝලී පෙරහැර හෙවත් මහා පෙරහැර ඊයේ රාත්‍රී මහනුවර නගරයේ වීදි සංචාරය කෙරුනු අතර ඊයේ දිනයේ පෙරහැර කරඬුව වැඩමවීම සිදුකරනු ලැබුවේ රුහුණු කතරගම මහ දේවාලයේ වාසනා හස්තියා විසින් වන අතර දෑල ඇතුන් ලෙස දළදා මාලිගා ඇත් පන්තියේ සිංහ රාජා හා මියන් රාජා ගමන් කරනු ලැබුවා.අද අලුයම සිව් මහා දේවාලවලින් පිටත් වූ දිය කැපුම් පෙරහැර මහවැලි නදියේ ගැටඹේ තොටේ දී දිය කැපුම් මංගල්‍යය පවත්වා මහනුවර පුල්ලේයාර් කෝවිල වෙත පැමිණ ආගමික වතාවත්වල නිරත වුණා.


News Articles
Latest Videos
Most Popular Post