News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
15

මෙරට තරුණයෙක් ඉන්දියාවේදී අතුරුදහන්

646 Views


මෙරට තරුණයෙක් ඉන්දියාවේදී අතුරුදහන්

ඉන්දියාවේ සිටින සිය ඥාතින් පිරිසක් දැක බලා ගැනීම සඳහා ගිය ශ්‍රී ලාංකික තරුණයෙකු අතුරුහන්වී ඇති බව ඔහුගේ මව විසින් සිදුකරනු ලැබූ පැමිණිල්ලක් මත එරට පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

26 හැවිරිදි මෙම තරුණයා පසුගිය ජුලි මාසයේදී ශ්‍රී ලංකාවේ සිට බැංගලෝර් ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණ ඇති අතර එහි සිට චෙන්නායි බලා ගමන් කරනු ලබන අභ්‍යන්තර ගුවන් යානාවකින් චෙන්නායි බලා ජුලි මාසයේදී පිටත්ව ගොස් ඇති බව සදහන්.

එහෙත් මෙම තරුණයා ගේ දුරකථනය ක්‍රියාවිරහිත වී තිබීම හේතුවෙන් ඔහුගේ මව චෙන්නායි හි සිටින සිය ඥාතින් ගෙන් තම පුත්‍රයා සම්බන්ධයෙන් විමසා ඇති අතර එහිදී ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ මෙම තරුණයා තමන්ව දැකබලා ගැනීමට පැමිණෙන බවට තොරතුරක් තමන් නොදන්නා බවයි.

ඒ අනුව අදාළ තරුණයාගේ මව පසුගිය අඟහරුවාදා ඉන්දියාව බලා ගොස් ඇති අතර සිය පුත්‍රයාගේ අතුරුදහන් වීම සම්බන්ධයෙන් චෙන්නායි ගුවන් තොටුපළ පොලිසියට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබෙනවා.

අදාළ පැමිණිල්ලත් සමග චෙන්නායි පොලිසිය විසින් මෙම තරුණයාගේ අතුරුදහන්වීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් ඒ සඳහා CCTV දර්ශනද උපයෝගී කර ගන්නා බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.


News Articles
Latest Videos
Most Popular Post