News Line| Off Air
Generic placeholder image

Aug
15

මෝදීගේ නිදහස් දින ප‍්‍රකාශය කාශ්මීර අර්බුදය තවත් වැඩි කරන ලකුණු

721 Views


මෝදීගේ  නිදහස් දින ප‍්‍රකාශය කාශ්මීර අර්බුදය තවත් වැඩි කරන ලකුණු

ඉන්දියාවේ 73 වන නිදහස් දින සැමරුම වෙනුවෙන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී ජාතිය අමතමින් සිදු කළ ප‍්‍රකාශය ඉන්දු පාකිස්ථාන අර්බුදය තවත් උග්‍ර අතට පත් වී තිබෙන බව දේශපාලන විචාරකයින් සදහන් කරනවා. ඒ අනුව පෙර පැවැති කීර්තිමත් තත්ත්වය යළිත් කාශ්මීරයට ගෙන දෙන බවට අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඉන්දීය වැසියන් වෙත අද ප‍්‍රතිඥාවක් ලබා දුන් අතර කාශ්මීරය නගා සිටුවීම ජාතියේ සංවර්ධනය වෙනුවෙන් වැදගත් කාර්යය භාර්යයක් වනු ඇති බවත් කාශ්මීරයට ලබා දුන් ව්‍යවස්ථා වරප‍්‍රසාද මගින් දූෂණයට අනුබල දීමක් පමණක් සිදුවූ බවට ද අග‍්‍රාමාත්‍යවරයා මෙහිදී චෝදනා කළා. එමෙන්ම මේ අතර ති‍්‍රවිධ හමුදාව වෙනුවෙන් ආරක්ෂක ප‍්‍රධානී තනතුරක් ඇති කිරීමට තීරණය කර ඇති බවද ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මෙහිදී ප‍්‍රකාශ කළ අතර ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා කාශ්මීරය පිළිබද අද මෙලෙස අදහස් පළ කළේ පාකිස්තාන අග‍්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ඊයේ දිනයට යෙදී තිබූ සිය නිදහස් දිනයේදී කාශ්මීරය සම්බන්ධයෙන් මතභේදාත්මක ප‍්‍රකාශයක් සිදුකර තිබියදී වීම විශේෂත්වයක්.

කෙසේවෙතත් පාකිස්තාන අග‍්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් එහිදී අවධාරණය කළේ කාශ්මීර කලාපය තුළ අපේක්‍ෂිත ඕනෑම ඉන්දීය ආක‍්‍රමණයකට ප‍්‍රතිචාර දැක්වීමට සිය හමුදාව සූදානමින් පසුවන බවයි.


News Articles
Latest Videos
Most Popular Post