News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
16

අද දිවයිනේ බොහෝ පළාත් වලට ගිඟුරුම් සහිත වැසි

592 Views


අද දිවයිනේ බොහෝ පළාත් වලට ගිඟුරුම් සහිත වැසි

අද පස්වරු කාලයේදී ගිඟුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාවක් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සහන කරනවා. ඒ අනුව සබරගමුව, මධ්‍යම, දකුණු සහ බස්නාහිර පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ දැක් වෙන අතර සබරගමුව, මධ්‍යම, බස්නාහිර, ඌව සහ උතුරු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථාන වලට මි.මී. 50 ක පමණ තරමක තද වර්ෂාපතනයන් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙනවා.

එමෙන්ම විශේෂයෙන් දිවයිනේ උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post