කොළඹ, ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පුද්ගලයින් දෙදෙනක් සවස කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත කොටහේන, සමිත්පුර ප්‍රදේශයේදී මෙම සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත පුද්ගලයින් ලග තිබී වානේ කඩු දෙකක්, මොට ආයුධයක්, යමහා වර්ගයේ යතුරුපැදියක් සහ ජංගම දුරකතනයක් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් විසින් සිය භාරයට ගෙන ඇති බවද සදහන්.