News Line| Off Air
Generic placeholder image

Aug
16

ආනමාලූ රංග ඝාතනය සම්බන්ධයෙන් කුඩු රොෂාන්ගේ සහෝදරයා අත්අඩංගුවට

722 Views


ආනමාලූ රංග ඝාතනය සම්බන්ධයෙන් කුඩු රොෂාන්ගේ සහෝදරයා  අත්අඩංගුවට

ග‍්‍රෑන්ඩ්පාස් මාදම්පිටිය පොදු සුසාන භූමිය අසලදී අපරාධ කල්ලි සාමාජිකයින් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැක පිට පුද්ගලයින් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ පොලිස් විශේෂ කාර්ය බලකාය ඊයේ රාත‍්‍රියේ සිදු කල වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි.

සැකකරුවන් අතර කුඩු රොෂාන්ගේ බාල සහෝදරයාද වනවා.

කෝලිත ද සිල්වා නොහොත් අජා නැමැත්තා ද එලෙස අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.

සැකකරුවන් සතුව තිබී වානේ කඩු 02 ක් ඇතුලූ ආයුධ කිහිපයක් පොලිස් විශේෂ කාර්ය බලකා භාරයට ගෙන තිබෙනවා. සැකකරුවන් පැමිණි තිරෝද රථයක් ද සොයා ගත් බවයි පොලීසිය පැවසුවේ.

එම තිරෝද රථය බන්ධනාගාර ගත කර සිටින කුඩු රොෂාන්ගේ බිරිදට අයත් එකක් බවට අණාවරණය වී තිබෙනවා. ඇයගේ නිවස පරීක්ෂා කිරීමේ දී කඩු දෙකක් සොයා ගත් බවයි පොලීසිය සදහන් කලේ.

ත‍්‍රීරෝද රථයක පැමිණි පුද්ගලයින් සිව් දෙනෙක් විසින් වෙනත් තී‍්‍රරෝද රථයක ගමන් කරමින් සිටි දෙදෙනෙකුට තියුණු ආයුධ වලින් පහර දී ඊයේ දහවල් ඝාතනය කර තිබුණා.

ඝාතනයට ලක්වුනේ පාතාල කල්ලි නායක සම්පත් නිරෝෂන් හෙවත් ආනමාලූ රංග නැමැත්තා හා මොහොමඩ් ඉබ‍්‍රාහිම් නම් අපරාධ කල්ලි සාමාජිකයින් දෙදෙනෙක්. රංග නැමැත්තා 39 වන වියේ පසුවන අතර මොහොමඩ් ඉබ‍්‍රාහිම් 22 වන වියේ පසුවනවා.

සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පොලිස් කණ්ඩායම් තුනක් මගින් පරීක්ෂණ ක‍්‍රියාත්මකයි. කොළඹ අපරාධ කොට්ඨාසය / ග‍්‍රෑන්ඩ්පාස් පොලිසිය සහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා යටතේ සිටින කණ්ඩායමක් මේ වන විට පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා


News Articles
Latest Videos
Most Popular Post