News Line| Off Air
Generic placeholder image

Aug
16

ඉන්දියාව සිය ප්‍රධාන පුහුණුකාර ධුරය ප්‍රකාශයට පත් කිරීමට සුදානමින්

3395 Views


ඉන්දියාව සිය ප්‍රධාන පුහුණුකාර ධුරය ප්‍රකාශයට පත් කිරීමට සුදානමින්

ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමේ ඊළඟ ප්‍රධාන පුහුණුකරු ප්‍රකාශයට පත් කිරීමට සුදානම් වන අතර වත්මන් රවී ශාස්ත්‍රි ඇතුළු අපේක්ෂකයින් හය දෙනෙකුගේ නම් මෙම පුහුණුකාර ධුරය සදහා යෝජනා වී තිබුණා. ඒ අනුව අද එහි අවසාන වාර්තාව පස්වරුවේ ප්‍රකාශයට පත් කිරීමට ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලය සුදානමින් සිටිනවා.
ශාස්ත්‍රිගේ සහ ඔහුගේ සහායක කාර්ය මණ්ඩලයේ කොන්ත්‍රාත්තු 2019 ලෝක කුසලානය අවසානයේ කල් ඉකුත්වීමට තිබුන නමුත් බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සැලකිල්ලට ගනිමින් ඔවුන්ට දින 45 ක කාලයක් ලබා දුන් අතර ඔහු පිටත්ව යාමට පෙර ඉන්දීය නායක විරාත් කෝලි පැහැදිලි හා ප්‍රසිද්ධ නිවේදනයක් නිකුත් කළේ ශාස්ත්‍රි ප්‍රධාන පුහුණුකරු ලෙස ඉදිරියට යාමට නම් තමා කැමති බවයි.

කෙසේ වෙතත් ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලය ඔවුන්ගේ අවසන් තීරණය තව සුළු මොහොතකින් ප්‍රකාශයට පත් කරයි.


News Articles
Latest Videos
Most Popular Post